කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල්  91,970,290 ක් වැයකර  ක්‍රියාත්මක  කළ  බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ  පස් අවුරුදු  ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවට අයත් ඉඹුල්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ  2019 දී අරඹා  ඉකුත් වසර අවසානයේ  අවසන්වු  මෙම  ව්‍යාපෘතියෙන් වසරකට 50 බැගින්  එළුවන් 250 ක් අභිජනනය කිරීම  අරමුණවූ බව   විගණන කාර්යාලය සඳහන් කරයි.

එහෙත් මෙසේ  එළුවන් 23 ක් පමණක් අභිජනනය කර     රුපියල් 2 ,362,442 ක ආදායමක් උපයා තිබීමෙන්  ව්‍යාපෘතියේ අරමුණ ඉටුව නැතැයි  මේ සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ.

අභිජනනයට යොදාගත්  ආනයනික එළුවන් තුළ  නිරෝධායන කාලයේ  බී.ටී සහ සී.ඒ.ඊ.ප්‍රතිදේහ  තිබූ බැවින් එළුවන්  අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීම නතරකළ බව දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා  විගණන‍‍යට දැනුම් දී තිබේ.

විගණනයෙන් අනාවරණයවූ   මෙම දත්ත අනුව ව්‍යාපෘතියට වැය කළ මුදලෙන් ලැබුනු ආදායම අඩුකළවිට ඉතිරි මුදල හා  අභිජනනය කළ එළුවන් සංඛ්‍යාව  සැසඳීමේදී එම එක් එළුවෙක් වෙනුවෙන් රුපියල් 3,895 ,993 ක් වැයවී ඇති බව පෙනී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *