කෝටි 7 ක කොකේන් කටුනායකින් අල්ලයි

කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවය හරහා නිදහස් කළ පාර්සලයක තිබී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමින් යුත් කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වු බව අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල්,  රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ශමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 24ක් වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75 කට තක්සේරු කර ඇති බව කී සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිත බවද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *