රුපියල් කෝටි 644ක වියදමක් දරා වසර පහකට පෙර ආරම්භ කළ ව්‍යාපෘති 34ක් මග නැවතී අද ඒවා වවුලන් බල්ලන් ලගින තිප්පොළවල් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ංජිනේරැ අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
ව්‍යාපෘති 23ක් මූල්‍යමය හේතු මතද ව්‍යාපෘති 11ක් මූල්‍යමය නොවන හේතු මතද මෙසේ නැවතී ඇතැයි ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පරිසර ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නාගරික සංවර්ධන අධිකාරියට අදාල නිර්දේශ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
මේ ව්‍යාපෘති ගොඩනැඟිලි බොහොමයක් ජනතාවට කිසිදු ප්‍රයෝජනයක්වී නැතැයි පැවැසූ මන්ත්‍රීවරයා පොළොන්නරුවේ මෙත්සිරිපාය ගොඩනැගිල්ල ඊට උදාහරණයක් බවද ඔහු සඳහන් කළේය.
කෝටි එකසිය එකක් වියදම් කර හැදූ එම ගොඩනැගිල්ලේ අද ජීවත් වන්නේ වවුලන් බවද ඔහු කීවේය.
රුපියල් කෝටි හතළිහක් වියදම් කර සකස් කළ හැටන් දුම්රිය පොළත් බල්ලන් ලගින තත්වයකට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා කීවේය.
සූරියවැව ක්‍රීඩාංගනය සහ මත්තල ගුවන්තොටුපළද සුදු අලි ව්‍යාපෘති බව පැවසූ මන්ත්‍රීවරයා එක එක දේශපාලඥයන්ගේ මනදොල සපුරා ගැනීමට ජනතා මුදලින් ආරම්භ කරන මෙවැනි ව්‍යාපෘතිවලින් රටට කිසිදු ප්‍රයෝජනයක් නැතැයිද සඳහන් කළේය.
ජනතා මුදල් වියදම් කිරීමේදී නිර්දේශපාලනීකරණ කමිටුවකින් ඒ කටයුතු සිදු විය යුතු බවට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇතැයිද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේය.