කෝටි 6ක ’’කුෂ්’’ කටුනායකින්

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, පිට කර ගෙන යමින් තිබූ රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සහ ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුධ  හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

අනෙක් ගුවන් මගියා අම්පාර , මහඔය ප්‍රදේශයේ පදිංචි , රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවකි .

ඔවුන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද උදෑසන 10.45ට පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම ” කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සගවා ගෙන තිබී ඇත .

මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (20) ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *