කෝටි 25ක මැණික් මල්ලක් හොර පාරේ ගිහින්

රාජසන්තක කරන ලද කෝටි 25ක මැණික්  මල්ලක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමතියකින්  තොරව අවම දඩ මුදලක් යටතේ  නීති විරොධීව  මුදා හැර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  (කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය.

එහිදී අධිකාරියේ වගකීම පැහැර හැර ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.

මේ අතර එවකට සිටි ප්‍රධානීන්   ලක්ෂ 61ක් වියදම් කර  ලාස්වේගාස් මැණික් ප්‍රදර්ශනයකට යෑමේ සිද්ධියක් පිළිබඳවද එම කමිටුවේ අවධානය යොමුවිය.

ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයට සහභාගී වී  ගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ ප්‍රථමවරට අන්තර්ජාතික  ප්‍රමිතීන්ට අනුව රත්නපුර  මැණික් ප්‍රදර්ශනය සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූ බවත්, එවැනි  විදේශ අත්දැකීම් ඔස්සේ මෙරට මැණික් ව්‍යාපාරය දියුණු කළ හැකි ක්‍රමවේද සැකසීම සිය අරමුණු  වූ බවත්   ඊට ප්‍රතිචාර දක්වමින් එවකට  සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *