මෑත ඉතිහාසය තුළ උතුරු ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් විශාලතම කේරල ගංජා තොගය වන රුපියල් කෝටි විස්සකට වැඩි කේරළ ගංජා කිලෝ 400කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 සහ 42 වියේ පසු වන පුද්ගලයන් දෙදෙනෙකි.
යුද හමුදා බුද්ධි අංශය මගින් ලබා දුන් තොරතුරකට අනුව කිළිනොච්චිය පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සිදු කල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කලේය.
මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේ 209 වන කිලෝමීටර් කණුව අසලදී ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.