පොල්ගොල්ල, සත්ත්ව විෂාණු රසායනාගාරය සදහා රුපියල් නවකෝටි, හැටපන්ලක්ෂ, හතලිස්අටදහසක මුදලක් වැයකොට මිලදි ගනු ලැබු ස්වයංක්‍රිය ජෛව ප්‍රතිකාරක යන්ත්‍රය භාවිතයට නොගෙන නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.
මෙම යන්ත්‍රය 2022 වර්ෂයේ අගෝස්තු 15 වැනිදින මිලදි ගෙන විෂාණු රසායනාගාරයේ සවිකොට තිබුණි. මෙම යන්ත්‍රය 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිටත් භාවිතයට ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අවශ්‍යතාවය මත මිලදි ගැනිම් සිදුකොට යන්ත්‍රයට භාවිතයට ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භකර ඇති අතර තාක්ෂණික කමිටුවේ නිර්දේශ මත මෙම මිලදි ගැනිම සිදුකර ඇති බවය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.