කොළඹ හා ඒ අවට තාවකාලික පදිංචිකරුවන් ආසන්නතම පොලීසියේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරේ

කොළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල සිටින සියලු තාවකාලික පදිංචිකරුවන් තමන්ට ආසන්නම පොලිස් ස්ථානයේ ලියාපංදිචි විය යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියි.

දොම්පේ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක නීති විරෝධි මත්පැන් නිශ්පාදනාගාරයක් ඊයේ (31) දොම්පේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් වටලනු ලැබූ අතර ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී නොමැති තාවකාලික පදිංචිකරුවන් සියලු දෙනා පොලීසියේ ලියාපදිංචි විය යුතු බවත්, ජාතික ආරක්ෂාවට පවා මෙම ක්‍රියාවලිය මගින් යහපතක් විය හැකි බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *