කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නීතිපතිවරයාට කල් ලබාදී තිබුණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් ප්‍රහාරවලින් සිය අධ්‍යයන කටයුතුවලට බාධා සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගලය වූ බව පවසමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සම ඊයේ(26) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා වගඋත්තරකරුවන්ට සති 7ක කාලයක් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම ලබන වසරේ මැයි මස 07 වනදා සිදුකරන බවත් නියෝග කළේය.