මැතිවරණය

කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය රටේ ප්‍රධාන තීරණාත්මක ඡන්දයක් නොවීම, දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය ගැන ඇති සෘණාත්මක හැඟීම් සහ විවිධ කලකිරීම්, ගම්බිම් බලා යෑමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ලොකු පිබිදීමක් හට නොනැගීම සහ ළඟ ළඟ ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්වීම ආදී විවිධ හේතු කාරණා මේ සඳහා බලපා තිබූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීමද ඡන්දය පිළිබඳ උද්යෝගය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණු බව නිරීක්ෂණ සංවිධාන පවසයි.

කොළඹ සහ ඒ අවට උපදේශවල රැඳී සිටිමින් විවිධ වෙළෙඳාම් හි නිරත ක වැඩි පිරිසක්ද දකුණු පළාතේ අය වෙති. මේ අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ද ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි අප කළ විමසුමකදී තොරතුරු අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *