කොළඹ මුස්ලිම් පාසල් ගැටළු විසඳන්න ජනපති උපදෙස්

කොළඹ කලාපයේ  මුස්ලිම් පාසල්වල ගැටළු සොයා කඩිනම් විසඳුම් දෙන ලෙස ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් වල ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, පාසල් විදුහල්පතිවරුන් සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර කොළඹ  මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව එහිදී ඔවුහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳ ‍මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආසන්න වශයෙන් මුස්ලිම් සිසුන් 40,000 ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *