නල මාර්ගයක අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (21) උදෑසන 9.00 සිට පැය 15 ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම තත්වය මත කොළඹ 01, 03, 09, 14 සහ කඩුවෙල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.
එමෙන්ම අදාළ කාල සීමාව තුළදී කොළඹ 02, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.