කොළඹ නුවර පාර අවහිර කළ බිහිසුණ අනතුර

කොළඹ නුවර මාර්ගයේ වරකාපොල නැව්ගල ්ගලරදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවූ අනතුරකින් පුද්ගලයින් 35කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළත් කර තිබේ

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

කෙසේ වෙතත් අනතුරින් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් අනතුරට ලක්ව ඇති අතර මේ හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *