කොළඹ නගරයේ පවතින කොරෝනා අවදානම සලකා හදිසි නඩු කටයුතු පමණක් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

කොළඹ නගරයේ පවතින කොරෝනා අවදානම සලකා අද සිට මේ මස 14 දා තෙක් හදිසි නඩු කටයුතු පමණක් විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි.

මීට පෙර කැදවීමේ නඩු පමණක් මේ මස 3 දා සිට 7 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නොකැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබු අතර එම දින වල අනෙකුත් නඩු එනම් සලකා බැලීමට ඇති සහ විවාදයට ඇති නඩු කැදවීමට තීරණය කර තිබුණි.

ඒ අනුව 2021 මැයි 06 සිට 14 දක්වා කාලය තුළ හදිසි නඩු හැරෙන්න අනෙකුත් සියලු නඩු  විවෘත අධිකරණයේ කැඳවනු නොලබන ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර ඇත.

ඒ සදහා නව දිනයන් පසුව දැනුම් දෙනු ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව් අමරසූරිය පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *