කොළඹ ට නිවාස ව්‍යාපෘති 05ක්

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ඊට අදාළ එකඟතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමග යළි ඇරඹීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“සුළු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් කොළඹ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කිරීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් වැය වන අතර එය ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා. එයින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් මේ වනවිට ලැබී තිබෙනවා. මෙය නිවාස 2500ක විශාල ව්‍යාපෘතියක් බව පැවසිය යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *