කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය පිළිසකර කිරීමට පියවර

කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය (Floating Market) පිළිසකර කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඊට අදාළ කටයුතු නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ ගතවූ වසර හතරහමාරක පමණ කාලයක සිට නිසි ලෙස නඩත්තු කටයුතු සිදු නොවූ බැවින් එහි වෙළදසැල් 80%කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බවයි. තවද පාවෙන වෙළදසැල් ඉදිකර ඇති ඇළ මාර්ගයෙහි ජලය දැඩි ලෙස අපවිත්‍රවීම නිසා පාරිසරික ගැටලුද මතුවී ඇති බැවින් ඒ පිළිඹදවද අවධානය යොමු කිරීමටද නාගරික සංවර්ධනය අධිකාරියේ අවධානය යොමුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *