කොළඹින් අක්ෂි රෝගයක් පැතිර යයි

කොළඹ නගර සීමාව තුළ ‘කොන්ජන්ටිවිටිස්’ නම් අක්ෂි රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පාසල් කිහිපයක පන්ති වසා දැමීමට කොළඹ මහ නගර සභාවේ (CMC) සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇත.

ඒ අනුව කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක පන්ති ලබන සිකුරාදා දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 100 කට ආසන්න පිරිසක් බෝවන අක්ෂි රෝගයට ගොදුරු වී ඇති බව කොළඹ මහ නගර සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ හේතුවෙන් එම විද්‍යාලයේ 6, 7 සහ 8 ශ්‍රේණිවල සියලුම පන්ති අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ, සාමාන්‍යයෙන් රෝස ඇස් ලෙස හඳුන්වන කොන්ජන්ටිවිටිස් රෝගය කොළඹ මහ නගර සභාව විසින් හඳුනාගෙන ඇති බවයි.

“සභාවේ බල ප්‍රදේශය යටතේ බටහිර කොළඹ, මැද කොළඹ, උතුරු කොළඹ සහ බොරැල්ල ප්‍රදේශවල පිහිටි පාසල්වල එය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙනවා,” ඔහු පැවසීය.

මෙම රෝගය මාරාන්තික නොවන බැවින් ඒ පිළිබඳව කලබල නොවන ලෙස වෛද්‍ය විජේමුණි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය නිලධාරීන් මෙම රෝගයට සම්බන්ධ රෝග ලක්ෂණ කිහිපයක් ලැයිස්තුගත කර ඇති අතර, ඇසක් හෝ දෙකම රතු වීම, කැසීම, අධික කඳුළු, හිසරදය, ආලෝකයට සංවේදීතාව සහ වියළි ඇස් ඇතුළත් වේ.

දින පහකට වඩා වැඩි කාලයක් දරුවන්ට මෙම රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, අක්ෂි වෛද්‍යවරයෙකුගෙන් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

ආසාදන අවදානම අවම කර ගැනීම සඳහා නිතිපතා අත් සේදීම, ඇස් ඇල්ලීමෙන් වැළකීම වැනි මනා සනීපාරක්ෂාව පුරුදු කරන ලෙස ද කොළඹ මහ නගර සභාව නිවැසියන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *