කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට මිලියන 35ක පරිත්‍යාග

පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දක්වමින් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යොමු කිරීම සඳහා පිරිනැමූ රුපියල් මිලියන 35ක චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (2020.04.06) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නේය.

ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන 25ක් සහ මැලිබන් සමාගම රුපියල් මිලියන 10ක් වශයෙන් මෙම මුදල් අග්‍රාමාත්‍යවරයාට පිරිනමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *