කොවිඩ් 19 අරමුදලට ලැබෙන පරිත්‍යාග මගින් එහි ශේෂය රුපියල් මිලියන 242ක් දක්වා ඉහළට

ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වනදා කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ස්ථාපනය කරනු ලැබිය.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් ද මේ වන විට මෙම අරමුදලට දායක වී ඇති අතර ලංකා බැංකුවේ අංක 85 73 73 73 යන විශේෂ ගිණුමට ඒ සඳහා මුල්‍ය ප්‍රදානයන් සිදු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *