කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත්, ඒ පිළිඹදව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් එම මෘත දේහ ආදාහනය කළ යුතු බවට මේ වන විට පැහැදිලි නිර්දේශයක් ලබාදී තිබෙන බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වැනි භයානක වසංගත තත්ත්වයක් යටතේ එවැනි විශේෂඥ කමිටුවක් විසින් ලබාදී ඇති නිර්දේශ සාමාජයීය, ආගමික, දේශපාලන හෝ වෙනත් පෞද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් කළ නොහැකි බැවින් එම පැහැදිලි නිර්දේශයන් ක්‍රියාත්මක කර බවයි.