කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කෙරේ

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨය සහ අලුත්ගම දර්ගා නගරයේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට අද (06) සිට පියවර ගෙන තිබෙනවා.

කළුතර නාගොඩ, බේරුවල දර්ගා නගරය හා අලුත්ගම රෝහල්වල වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ සේවය සඳහා කැඳවා තිබෙන අතර
පහසුකම් සහ ආරක්ෂාව සැපයීම යුද හමුදාව විසින් සිදු කරනු ලැබේ.

මෙම විද්‍යා පීඨ දෙකෙහි ඇඳන් 600ක් තිබෙන අතර සියලුම පහසුකම්වලින් යුතු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට ස්ථාපිත කර ඇති බවට සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *