කොරෝනා වෛරස් රෝගීන් සදහා චීනයේ ඉදිකෙරෙන රෝහල් දෙක පෙබරවාරි මුල් සතියේ විවෘතවේ

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ මූලික කටයුතු අවසන් වෙමින් පවතී

ඇඳන් 1,000කින් සමන්විත මෙම රෝහලේ වැඩ කටයුතු පෙබරවාරි 3 වෙනිදා අවසන් කිරිමට සැලසුම් කර ඇති අතර මේ වනවිට එහි ඉදිකිරීමට කටයුතු සදහා 3,500ක පිරිසක් යොදවා තිබෙනවා. රෝහලේ ඉදිකිරීම් අවසන් කිරිමෙන් අනතුරුව දිනක් තුළ වෛද්‍ය උපකරණ සවිකර රජයට භාරදීමට නියමිතව තිබේ.

මේ අතර වූහාන් නගරයේ දෙවැනි කොරෝනා වෛරස් රෝහලේ ඉදිකිරීම්ද මේ වන විට ආරම්භ වී තිබේ. එය ඇඳන් 1,500කින් සමන්විත වන අතර එහි ඉදිකිරිම් දින 15 කින් අවසන් කිරීමට නියමිතව අතර එය පෙබරවාරි 5 රජයට භාරදීමට නියමිත් බවයි China Global Television මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *