මේ අවස්ථාවේදී කොරෝනා වෛරසය සම්බන්ධව ජනතාව නොමග යවනු ලබන ඇතැම් ප්‍රකාශ සිදුවීම නිසා ජනතාව අනිසි බියක් ඇති නොකර ගත යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ කියා සිටියේ.
නව කොරෝනා වෛරසය සමබන්ධයෙන් යම් දැනුවත් වීමක් අවශ්‍ය නම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දුරකථන අංක දෙකක්ද හඳුන්වා දෙනු ලැබුවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය 0710107107, ආපදා අංශය 0113071073 යන අංක ඔස්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම් සිදුකළ හැකි බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.