අද (10) දින උදෑසන වන විට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 910 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. එමෙන්ම රටවල් 28 ක වෛරසට ආසාධනය වී ඇති බවට තහවුරු වූ රෝගීන් ගණන 40,553 කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, 2003 SARS වසංගතයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 774 ක් බව දැක්වේ. ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව SARS වසංගතයෙන් මියගිය සංඛ්‍යාව අභිබවා ගොස් ඇත.