කොරෝනා අධි අවදානම් ප්‍රදේශ නම් කෙරේ

ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් ප්‍රදේශ මේ වනවිට නම්කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින්.

කොරෝනා අධි අවදානම් ප්‍රදේශ ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බලප්‍රදේශය, නුගේගොඩ, බත්තරමුල්ල, කොළොන්නාව, කහතුඩුව, මොරටුව සහ කඩුවෙල ප්‍රදේශ නම් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැලණිය, මහර, දොම්පේ, පූගොඩ, මීරිගම, බියගම, මීගමුව සහ කටුනායක යන ප්‍රදේශ අධි අවදානම් කළාප ලෙස නම් කර තිබේ.

මීට අමතරව කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දුව ද කොරෝනා අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර තිබෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *