කෙහෙළියගෙන් තවත් ප්‍රකාශයක්

තමාට කොතරම් චෝදනා කළ ද ඉන්දියානු ඖෂධ මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකළේ නම් මේ වනවිට රටතුළ ගැටලු රැසක් මතුවීමට ඉඩකඩ පැවති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඉන්දියාවෙන් ඖෂධ වර්ග 407ක් මෙරටට ආනයනය කළ අතර ඉන් ඖෂධ වර්ග 04ක් පමණක් තත්ත්වයෙන් බාල මට්ටමේ පවතින බව ඔහු සඳහන් කළේය.

මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ඔසුසැලක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *