අද (31) දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාමට නියමිතයි.
ඒ අනුව එහි නිල කටයුතු අද පෙරවරු 08.30ට ගොවිජන මන්දිරයේදී ආරම්භ වන බවට වාර්තා වේ. මේ අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එක්වීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මීට පෙර තමාගේ කාර්යාලය ගොවිජන මන්දිරය වෙත රැගෙන ගොස් තිබුණි. පසුගිය රජය සමයේ එම අමාත්‍යාංශය බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යෑම හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීමට සිදුව තිබුණි.