හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ගොනු කර ඇති දූෂණ නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 3 වැනිදා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබේ.
සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩු විභාගය නොවැම්බර් 3 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.


