කුන්ඩසාලේ කොවිඩ් ආසාධිතයෙක් – 40 ක් නිරෝධායනයට

මහනුවර කුණ්ඩසාලෙ ප්‍රදේශයේ ආරක්ෂක හමුදා නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවත් ඒ අනුව ඔහුගේ පවුලේ අයද මේ වන විට PCR පරික්ෂණයට ලක් කර ඇති බවටත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා පවසයි.

මෙම හමුදා නිලධාරියා ඉකුත් 25 වන දින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර දින 11 ක් සිය නිවසේ ගත කර ඇති බවද අධ්‍යක්ෂවරයා පවසයි. අදාළ නිලධාරියා ඇසුරු කල සමීපතමයින් හදුනා ගනිමින් සිටින අතර මේ වන විට 40 ක් පමණ ස්වයං නිරෝධායනයකට ලක් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *