’’කුඩා හා මධ්‍ය ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න’’ -විපක්ෂ නායක

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර රවටනවා වෙනුවට ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි කරන පරටේ නීතිය ජුනි 30 වැනිදා සිට යළි බලාත්මක වන බැවින් රජය තිරසර ස්ථිර විසදුමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන් කොළඹදී රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා සේවා ශක්තිය නිර්මාණය කර සෞභාග්‍ය නිර්මාණය කරන්නට විශාලම දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් ඔවුන් රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ 40කට ආසන්න පිරිසකට රැකියා සපයන බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *