මාධ්‍යවේදී කීත් නොයර් මහතා වෑන් රථයකින්පැහැරගෙන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නව ගත්තේගම සහ ඇලයා පත්තුව පොලිස් වසමේ පදිංචි යුද හමුදා බුද්ධිය අංශයට අනුක්ත විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකු බව පොලිසිය කියයි. ඔවුන් වයස 42-46අතර පසුවන්නන්ය.
2008 වසරේ මැයි මස 22 වෙනිදින කිත් නොයර් මහතාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත