කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවට සංස්ථාවෙන් ප්‍රකාශයක්

කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින්ට කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවය.

මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා පවසයි.

එමෙන්ම හෙට දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම්කරුවන් විසින් ඇනවුම් කර ඇතැයිද සභාපතිවරයා අද දෙරණ වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ අතර ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙතෙක් ලබා දුන් සියයට 3ක වට්ටම් මුදල ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් වළකින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *