කිරිවෙහෙර විහාරාධිපතිගෙන් පැය 7ක් ප්‍රකාශ ගනියි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයන් ලබාදී ඇති බව කියන නිවසක් සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඊයේ පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උන් වහන්සේට කළ දැනුම්දීමකට අනුවය.

ඒ අනුව කොබවක ධම්මින්ද හිමියෝ ඊයේ (11) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සවස 4.10 ට පමණ ඉන් පිටව ගියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසල ධම්මින්ද හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ උන් වහන්සේ මීට පෙර ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් අතර වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *