සමගි ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ කළ විපක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන අධිනීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මනාප ඡන්ද 30,780ක් ලබාගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.
මහනුවර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනකු තේරී පත්වූ අතර චමින්ද්‍රානි එම ලැයිස්තුවේ දෙවැන්නා ලෙස ප්‍රථමවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.