කැසිනෝ ශාලා හිමිකරුවන් කිසිවකුට කිසිදු ආකාරයක බදු සහනයක් ලබා නොදෙන අතර ඔවුන් තම ආදායමෙන් 70%ක් බදු වශයෙන් ගෙවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ කොවිඩ් 19 වසංගත කාලසීමාව තුළ අයවිය යුතු බදු ප්‍රමාණය කපා හරින ලෙස කැසිනෝ හිමියන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීම් කර ඇති අතර එය මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.
කිසිදු රෙගුලාසියකින් තොරව කැසිනෝ ශාලා ක්‍රියාත්මක වූ නමුත් ඒවා මේ වසරේ සිට නියාමනයකට අනුව ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රු. කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වසර 5ක් සඳහා ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් මිලියන 500ක් අය කෙරේ.