කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා

කැසිනෝ බදු අය කර ගන්නැයි  කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

” ආණ්ඩුව ඇවිත් මාස හයක් වෙනවා.ඔන්ලයින් කැසිනෝ  හැම තැනම තියෙනවා.සත පහක් බදු ගහන්නේ නැහැ.මේක කරන්නෙ නැත්තේ ඇයි?

හරි නියාමන කොමිසමක් තියෙනවා නම් මේ පැනවූ බදු වලින් මීට වඩා මුදලක් හොයාගන්න පුළුවන්. කැසිනෝ බදු වැඩි කිරීම කොළේට විතරක් සීමා වෙලා.ඒවා ක්‍රියාත්මක වෙන්න වැඩපිළිවෙලක් නෑ යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *