කැලණිය ප්‍රදේශයේ නිවසක තිබී සැක කටයුතු ලෙස මිය ගිය බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් ඊයේ (18) සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නිවස පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාව මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට අනාවරණය වූ බවයි.
මියගොස් ඇත්තේ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි තනිව පදිංචිව සිටි අයෙකි.
නිවසින් දුර්ගන්ධයක් හමන බව පවසමින් පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි පොලිසිය මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වුණා.
කැලණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.