කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.

කැබිනට් මණ්ඩලය විසිපහකට සීමාවන බවත් ඇතැම් අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත්කිරීමට නියමිත බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට සාධාරණයක් වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය දුර ලබාදීමේදී විෂය දැනුම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රකාශකයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *