කැන්බරා ඝාතනයට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ කැන්බරා සත්වෝද්‍යානයේදී කාන්තාවකගේ ඝාතන සිද්ධියකට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන ජූඩ් විජේසිංහ නමැති පුද්ගලයෙකි.

ඔහු එම සත්වෝද්‍යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කරන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ තියුණු ආයුධයකින් පහරදීමෙන් අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවය.

අනතුරුව සැකකාර ජූඩ් විජේසිංහ නමැත්තාද ආයුධයකින් තමන්ටම තුවාල සිදුකරගෙන ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන් තුවාල ලැබීම හේතුවෙන් ඔහු මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව සහ සැකකාර ජූඩ් එකට සේවයේ නිරතව ඇති බවට වාර්තා වෙයි.

ඝාතනයට භාවිත කළ බවට සැක පිහියද මේ වනවිට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

මේ අතර අදාළ සිදුවීමත් සමග කැන්බරා සත්වෝද්‍යානයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *