ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් කැනඩාව වෙත යෑමට උත්සාහ කළ ලාංකික තරුණියක් ගුවන් තොටුපළ ආගමන විගමන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය, වෙනත් අයෙකු සතු එකක් බව හා එම ගුවන් ගමන් බලපත්‍රයට මෙම තරුණියගේ ජායාරූපය යොදා ව්‍යාජ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී ඇති අතර,
පසුව එම තරුණියව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවත්,
ගුවන් ගමන් බලපත්රයෙහි යොදා තිබූ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු මුද්‍රා, ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී ඇත.