“කැටවල පිටියේ සම්පත්” පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් කැටවල පිටියේ සම්පත් අද (26) අලුයම 5.30 ට පමණ මල්වතුහිරිපිටිය, රබර්වත්ත ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ ඔහු පාතාල අපරාධ කල්ලිවල වෙඩික්කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි. එමෙන්ම
මොහු ගනේමුල්ලේ සංජීව යන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙක් වශයෙන්ද කටයුතු කර ඇති බව ද අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොලිසිය සමග වෙඩි හුවමාරුව සඳහා යොදා ගත් රිවෝල්වරය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *