කාරකසභා වලට සාමාජිකයින් පත්කර ගැනීම ලබන සතියේදී

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී ඇති කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම ලබන සතියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

කාරක සභා සාමාජිකයින් පත් කිරීම පිළිබඳ දේශපාලන පක්ෂවලට මේ වන විට දැනුම්දී ඇති අතර ඒ අනුව ඉදිරියේදී අදාල නාමයෝජනා ඉදිරිපත් කරනු ඇති බව සඳහන්. යෝජිත නම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු කාරක සභා රැස්වීමට නියමිතයි. පත්කෙරෙන කාරක සභාවල සාමාජිකයින් රැස්වන පළමු දිනයේදී කාරක සභා සදහා වන සභාපතිවරුන් පත් කිරීම සිදු කෙරෙනු ඇති බව වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මස 3 වනදා පාර්ලිමේන්තුවවාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10ක් අහෝසි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *