කාගිල්ස් සුපිරි වෙළදසැලක කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
හංවැල්ල ප්‍රදේශයේ කාගිල්ස් අලෙවිසැලේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, එම ස්ථානය තහවුරු කර ගැනීමට සහ සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සැකකටයුතු සොරකමකට ප්‍රතිචාර වශයෙන්, අලෙවිසැලේ සිටි පිරිමි සහ කාන්තා සේවකයින් කිහිප දෙනෙකු පාරිභෝගිකයාට අමානුෂික ලෙස පහර දෙන ආකාරය CCTV දර්ශනවල සටහන් විය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කාගිල්ස් කළමනාකාරීත්වය නිකුත් කළ නිවේදනය මෙසේය.