ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින විවාදයක් හෙට (21)සහ අනිද්දා (22) පැවැත්වේ.
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට රැස්වේ.
හෙට දිනයේදී (22) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
අනතුරුව කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක් එදින ප.ව 3.30 – ප.ව 5.30 දක්වා පැවැත්වේ
අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, රුක්මන් සේනානායක, රෙජිනෝල්ඩ් පෙරේරා, සිරිනාල් ද මෙල් සහ වෛද්‍ය මොහොමඩ් ඉල්ලියාස් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කිරීම සඳහා ලබන 24 සිකුරාදා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.