ක්‍රිකට් අතුරු කමිටුවේ බලපෑම් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කළ අතුරු කමිටුවේ බලපෑම් තීරණය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ටිරාන් අලස්, මනූෂ නානායක්කාර සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවෙන් අවම බලපෑමක් එල්ල වන බව බැලීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *