කළු දුමාරය පිටකරන වාහන ගැන දැනුම්දීමට වට්ස්ඇප් අංකයක්

කළු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

වාහනවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රිජන් ඩයොක්සයිඩ්, දූවිලි අංශු ඇතුළු මිනිස් සිරුරට අහිතකර මෙම වායු නිසා මහජනතාව පිළිකා රෝග, ශ්වසන ආබාධ ඇතුළු රෝගාබාධවලට ගොදුරුවන බව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් පෙන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

දත්ත වාර්තාවලට අනුව මෙරට මාර්ගවල දිනපතා වාහන ලක්ෂ 70ක් පමණ ධාවනය වෙයි. කොළඹ නගරයේ පමණක් දෛනිකව ධාවනය වන වාහන සංඛ්‍යාව මිලියනයක් පමණ වෙයි.

මෙම සමස්ත වාහන අතරින් 30%ක් පමණ කළු දුමාරය පිටකරන බවට අනාවරණය වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අධික ලෙස කළු දුමාරය පිටකරන ලොරි, බස් රථ ඇතුළු වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදලේ 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මාර්ගයේදී කළු දුමාරය පිටකරන වාහනයේ ඡායාරූපයක්, වාහනය ගමන් කරමින් තිබෙන ස්ථානය සහිතව ඉහත අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කිරීමෙන් අදාළ වාහනයට විරුද්ධව පියවර ගැනීමට වායු විමෝචන අරමුදල කටයුතු කරන බවය.

නීති පිළිනොපදින අදාළ වාහනවල ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කෙරේ. එලෙස අසාදු ලේඛනගත කෙරෙන වාහන වෙනත් අයෙකුට විකිණීම හෝ පැවරීම කළ නොහැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *