කළුතර නාගොඩ මහ රෝහලට පැමිණීම සීමා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

දැනට පවතින තත්ත්වය හමුවේ කළුතර නාගොඩ මහ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙසත් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

එමෙන්ම වෙනත් බාහිර රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට තමන්ට ආසන්නතම ග්‍රාමීය රෝහල කරා යන ලෙසටත් ඔහු ඉල්ලා සිටි. කළුතර නාගොඩ රෝහලෙහි අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම මෙම ඉල්ලීම සිදුකිරීමට හේතු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *