කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවලට මාස 03ක සහන කාලයක්

මේ මස 01 වනදා සිට සැප්තැම්බර් 30 දින දක්වා කාලය ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා මාස 3ක සහන කාලයක් ලබාදීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බවට වාර්තා වේ. එමෙන්ම, පසුගිය මාර්තු 16 වන දා සිට ජුනි 30 දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත්‍ර සඳහා ද මාස 06ක අමතර සහන කාලයක් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩදුරටත් දැක්වෙන්නේ.

අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ දිනකට විශාල පිරිසක් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි ශාඛාවට පැමිණීම හේතුවෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *