කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Share this Article

අම්පාර ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

කරුණා අම්මාන් එල් ටී ටී ඊ සාමාජිකයෙක්ව සිටි සමයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් කර තිබුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කරුණා අම්මාන් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.

අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් පැවසුවේ කොරෝනා වෛරසයට වඩා තමන් භයානක බවත් එල් ටී ටී ඊ සංවිධානයේ නායකයෙකු වී සිටියදී අලිමංකඩ හමුදා කඳවුරුට එල්ල කළ ප්‍රහාරයෙන් එක් දිනක හමුදා සාමාජිකයින් 2000 ත් 3000 ත් අතර පිරිසක් ඝාතනය කළ බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.