පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර ඊයේ (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා රැඳවියන් පනස් පස් (55) දෙනෙකු මේ වන අරලගංවිල සහ වැලිකන්ද පොලිස් ස්ථාන භාරයේ සිටින බව පොලිසිය පවසයි.
තුවාල ලැබූවා යැයි කියන රැඳවියන් මින් 26 දෙනෙකු ඇතුළත් කර තවදුරටත් ප්‍රතිකාර සිදුකරන බව පොළොන්නරුව ජේෂ්ඨ පොලිසධිකාරිකාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
මේ අතර පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ආ රැඳවියන් තිස් දෙනෙකු සොයා තවදුරටත් යුද හමුදාව පොලිසිය එක්ව මෙහෙන් සිදු කරන බවද හෙතෙම එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
477 දෙනෙකු එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි බවට පැවසෙන අතර මෙම ගැටුමට හේතු වී ඇත්තේ ආහාර ලබාදීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුර දිගේ යාමෙන් බවයි පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසන්නේ.